Monday, February 13, 2012

කපු‍ටු බෝ රුක


සුවඳ දුම් නැති - සුවඳ මල් නැති
පහන් සිළුවක්  - දැල්විලා නැති

මොටෝ රිය හඬ - දුම් වළා ලඟ
නැගෙන දූවිළි -  වළා අතරින්

දෙනෝ දාහක් - දෙනා යන එන
මාවතක් ලඟ - කලක් තිස්සෙම

නේක වණ් වූ - නේක දන ළඟ
තපෝ දැහැනෙන් - තව මිදී නැත

එකින් එක එක - පෙළ ගැසී එන
නොයෙක් විසිතුරු - විසුළු දස්සන

දෙස බලා තව - නිසංසලවම
හිඳියි බෝ ගස - උපේක්ෂාවෙන්

-සිඳු-

3 comments:

  1. ලස්සනයි.....

    ReplyDelete
  2. ආටෝපය ට ලොල් නැති

    කිසිවෙකුට වෛර නැති

    දුන් දේ ගැන ලොබ නැති

    නොදුන් දේ දෙන්ට හිත ඇති

    චෝදනාවෙන් දුක් නොවෙති

    ප්‍රසංසා ගනනකට ගන්නැති

    ආනුභා සම්පන්න ඇති

    බෝ රුක් රජිඳු හා සමැති

    තවත් බොහෝ බෝ රුක් ඇති

    රුව ගුන එක සම ඇති

    නමුත් කිසි සැලකිල්ලක් නැති . . .!

    ReplyDelete
  3. අමා - ස්තූතියි නංගි

    දුකා - දුකා ගෙ කවිය කියෙව්වාට පස්සෙ මට ආයෙ කවි ලියන්නත් ලැජ්ජයි වගෙ. නියමයි !!

    ReplyDelete