
පහන් සිළුවක් - දැල්විලා නැති
මොටෝ රිය හඬ - දුම් වළා ලඟ
නැගෙන දූවිළි - වළා අතරින්
දෙනෝ දාහක් - දෙනා යන එන
මාවතක් ලඟ - කලක් තිස්සෙම
නේක වණ් වූ - නේක දන ළඟ
තපෝ දැහැනෙන් - තව මිදී නැත
එකින් එක එක - පෙළ ගැසී එන
නොයෙක් විසිතුරු - විසුළු දස්සන
දෙස බලා තව - නිසංසලවම
හිඳියි බෝ ගස - උපේක්ෂාවෙන්
-සිඳු-
ලස්සනයි.....
ReplyDeleteආටෝපය ට ලොල් නැති
ReplyDeleteකිසිවෙකුට වෛර නැති
දුන් දේ ගැන ලොබ නැති
නොදුන් දේ දෙන්ට හිත ඇති
චෝදනාවෙන් දුක් නොවෙති
ප්රසංසා ගනනකට ගන්නැති
ආනුභා සම්පන්න ඇති
බෝ රුක් රජිඳු හා සමැති
තවත් බොහෝ බෝ රුක් ඇති
රුව ගුන එක සම ඇති
නමුත් කිසි සැලකිල්ලක් නැති . . .!
අමා - ස්තූතියි නංගි
ReplyDeleteදුකා - දුකා ගෙ කවිය කියෙව්වාට පස්සෙ මට ආයෙ කවි ලියන්නත් ලැජ්ජයි වගෙ. නියමයි !!