Sunday, July 15, 2012

මා මගේ ලෝකයේ


වෙන්වුනත් ආදරෙන්
වෙන්වුනේ කඳුලකින්

ලොවේ දෙතැනක සැදුනු ඉවුරක
ඔබ ඔබේ ලෝකයේ
මා මගේ ලෝකයේ


නැගෙන සඳ‍ දෙස බලා උන්නෙමු
එකම විල්තෙර ආදරෙන්
එහෙත් අද නුඹ නුඹෙ ලොවේ
මමත් මගෙ ලෝකයේ
නුඹේ සඳ සුන්දරයි
මගෙ සඳත් එසේමැයි!

තරු අතර සිත්තම් කලේ අපි
සොඳුරු ජීවිත මාලිගා
වෙන්ව අද නුඹ නුඹෙ ලොවේ
මමත් මගෙ ලෝකයේ
නුඹේ ලොව සුන්දරයි
මගෙ ලොවත් එසේමැයි!

මගේ ලොව සුන්දරයි!



- ඩයිනමයික් (DynaMic)




Photo referred from: http://proclaimahnsahnghong.com/blog/wp-content/uploads/2011/05/silhouette-of-sitting-man-looking-at-the-sunset-and-the-moon.jpg