Tuesday, March 20, 2012

වීදි කොනක

ඊයෙ පෙරේදා දවසක ගංගාරාමෙ ලඟඳි මම දැක්කා කුඩා දරුවෙක්ව. පාට පාට ඇඳුම් ඇඳ ගත්ත දරුවන්, පාලම දිගේ ඇවිදගෙන ගිය පෙම්වතුන් කලු කණ්ණාඩි දාගෙන ගිටිය විදේශිකයන්, අතර දුඹුරු පාටින් මට මේ දරුවා ව පෙනුනෙ. අපේ සමාජයේ අපේ ඇස නොගැටෙන , ඇස ගැ‍ටුනත් නොදැක්කා වගේ අපි අහක බලාගෙන යන, තවත් එක් සමාජ ස්ථරයක් ඔහු විසින් නියෝජනය කරනවා. ඒ සමාජයෙන් ඔහුව අහකට ගන්න නම් කරන්න පුළුවන් දේ බොහොමයි, නමුත් පැහැදිලිවම ඒක අමාරුයි.



විදුලිය වේගයෙන් කැරකී දිවෙත සක
මඩ නැහැවී යවයි වීදිය පුරා නෙක
ඒ මඩ පහර මවනා රළු රටා දැක
කඳුලක් මතු වීද නුඹෙ දෙනුවනෙහි සැක

උපනත් වීදි කොන මුල්ලක වැටී වැදී
පිතු සෙනෙහසක් නැත පුතු නාමයට පිදී
ලේ සම් වියැකිලා සැකිලක රුව පෑදී
පා ගෙවුනේද ගමනේ දිවි බරින් රිදී

රසමසවුලු තබා දන් බත් පතක් නැත
සා පවසින් මළත් දිය උගුරකුත් නැත
මන්දිර වල ඉඳුල් ලඟ ලත වෙවී හිත
පණ පෙවුනේ දිවිය කෙලෙසද සැකක් ඇත

සවනත වැකෙන රළු බස් ඉවසනවාද
අහිමිව සෙනෙහසක් සිත වැලපෙනවාද
දෙකොපුල් තෙමන කඳුලැලි නොම වියලීද
මවුපියො සොයා සිත ඉගිලී යනවාද

2 comments:

  1. ඔයා නම් නoගි මාරයි.කවිකාරියෙක් කියලා කට පුරා කියන්න පුලුවන්.ඔයාගෙ හැකියාව ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ටිකෙන් ටික උත්සාහ කරනවා යම් මට්ටමකට එන්න අයියෙ. ස්තූතියි

      Delete