මට හිතුනා අපේ මේ බ්ලොග් එක ටිකක් "මූඩි" වැඩියි කියලා. ඒ නිසා ඒ ගතිය හේදිලා යන්නත් එක්ක ලියන්න හිතුණා පොඩි කතාවක්. මම මේ කියන්න හදන සිදුවීම මගෙ ඇස් දෙකෙන් දැක්කා. ( දැක්කා වගේ තමයි ඉතින්). කොහොම වුණත් මගෙ මතු ආරක්ෂාව තකා, නම් ගම් කපා දාලා ලියන්න තමයි හිතුවෙ.
ඔයාල දන්නවාද දන්නෙ නෑ
මොකද දන්නවාද, මෙයා කොන්ඩෙ කපන්නෙ අවුරුද්දකට දෙපාරයි, නැත්නම් එක පාරයි.
හැබැයි ඉතින් කොන්ඩෙ කැපුවෙ නෑ කියලා මෙයාගෙ කොන්ඩෙ වැවෙන්නෙ අනිත් අයගෙ වගේ පහලට නෙමේ, ගුරුත්වාකර්ෂණයට විරුද්ධව අහස පැත්තට. ඒ නිසා මෙයාගෙ ඇත්ත උසට වඩා අඟල් 5ක් විතර උසට තමයි මෙයාව පේන්නෙත්. ( එතකොට අඩි 6 හමාරත් පනිනවා)
ඉතින් අපේ යාලුවා දවසක් කල්පනා කළා
"මේක හරියන්නෙ නෑ..... මෙහෙම ගියොත් මාව තවත් උස යනවා...... මේ කොණ්ඩෙට මොකක් හරි කරන්න ඕනා" කියලා.
එහෙම හිතලා මෙයා ගියා සුපිරි වෙළඳ සංකීර්ණයකට. (ඇයි බාබර් සාප්පුවකට ගියෙ නැත්තෙ අහන්න එපා, එයා පුරුදු නැති වැඩ කරන්න හරි බයයි). එහෙම ගිහින් මෙයා රාක්කෙන් රාක්කෙට ගිහින් හොයනවා හොඳ ජෙල් එකක්, කොණ්ඩෙට ගාන්න. ඒත් ඉතින් ඒවාගෙ තියන අමු ද්‍රව්‍ය දැක්කම කොණ්ඩෙට ගාන්න නෙමේ, අතට ගන්නත් බයයි... ගොඩාක් ඒවාගෙ ඇල්කොහොලුත් තියනවා....එයා අමද්යපනෙ, ඒ නිසා කොහොමත් හෙයා ජෙල් ගාන්න වෙන්නෙ නෑ කියලා අන්තිමට තීරණය කළා.
ඒත් ඉතින් ප්රශ්නය තවමත් එහෙමමයි, කොහොමවත් උත්සාහය අත අරින්න බෑ.try and try, one day you can fly කියලා සුද්දා ත් කිවුවා ලුනෙ.
ඒ නිසා මෙයා හිතුවා මොකක් හරි තෙල් ජාතියක් වත් ගන්න ඕනා කියලා. එහෙම හිතලා එක එක තෙල් ජාති අතට අරන් බැලුවා. ඔන්න අන්තිමට සිරා තෙල් එකක් හම්බුණා.
සුවඳේ බෑ........ නිකම් බොන්න හිතෙන සුවඳක් ඒක. වෙළඳ සැලේ ඉන්න ලස්සන නංගිට හිනාවකුත් දාලා, සල්ලි දීලා මෙයා ඒ තෙල් බෝතලෙත් අරන් ගෙදර ගියා. ගිහින් අම්මා ටත් පෙන්නුවා. අම්මාත් ඉතින් හරි සතුටු වුණා,මොකද පුතා ට තරුණ කාලෙ අන්තිම භාගයේදි හරි මනුස්සයෙක් වෙන්න හිතුණ නිසා.
ඔහොම ලස්සනට කොණ්ඩෙ පීරගෙන මෙයා ගියා ඔෆිස්. ඒත් කවුරුත් එයා දිහා බලන්නෙවත් නෑ, වෙනදා වගේ තමයි.
අපේ යාලුවාට ටිකක් හිතට හරි නෑ වගේ. කවුරුත් අලුත් වෙනස ගැන තේරුමක් වත් නෑ වගේ ඉන්නවා. ඇයි අප්පා, මේ තරම් ගාණක් දීලා ගත්තු තෙල් බෝතලේ!!! කෝකටත් කියලා මෙයා ගියා ඔෆිස් එකේ බාත් රූම් එක පැත්තට.
අනේ.....!!!!! කොණ්ඩෙ පරණ විදියමයි. ඊටත් වඩා උඩට ඉස්සිලාද මන්දා. තරහයි, දුකයි එක්කම එයා ගෙදර ගියා.
අම්මත් කියනවා "පුතා ඊයෙ ගෙනාව තෙල් එක නම් එච්චර හරි නෑ වගේ, ඔලුවට දාලා පැය කාලෙන් වේලෙනවා ඒක". යාලුවා සද්ද නෑ.
පහුවදා ඊටත් වඩා තෙල් ගොඩාක් ගාගෙන ගියා ... වැඩක් නෑ...... කලින් ප්‍රතිපලේමයි.
දාන්න ඕනා කොම්පැණියට නඩුවක්!!! එයා එහෙම හිතනවා.
ඔෆිස් ඇරිලා ගෙදර ගිහින් බැලුවා තෙල් බෝතලේ කෝ කියලා. කොම්පැණියට කතා කරලාවත් පැමිණිලි කරන්න ඕනා කියලා හිතලා. වෙනදා ට කණ්ණාඩි මේසෙ උඩ දිළිසි දිළිසි තිබුණ තෙල් බෝතලේ නෑ...
"කෝ මෙතන තිබුණු බෝතලේ?" එයා නංගිගෙන් ඇහුවෙ තරහෙන්. "ආ... ඒක මම බාත් රූම් එකෙන් ගිහින් තිබ්බා" නංගි ගාණක් නැතුව උත්තර දුන්නා.
"පිස්සුද ඒක බාත් රූම් එකෙන් තිබ්බෙ?"
"එහෙනම් වෙන කොහෙද තියන්නෙ?"
නංගිගෙ පණ්ඩිත කමට හිතෙන් බැන බැන ඩයිනමයික් ගිහින් බාත් රූම් එකේ තියන තෙල් බෝතලේ ගත්තා අතට ඒකෙ අඩංගු ද්‍රව්‍ය මොනවාද බලන්න. මෙන්න තියනවා sodium laureth sulphate, perfume,dimethlconol, lysine HCL,panthenolඑකී නොකී දේවල් .........
ඒත් oil කියලා කොහෙවත් නෑනෙ..........
ඔන්න එතකොට තමයි එයා දැක්කෙ ලොකු අකුරෙන් ඒකෙ ගහලා තියනව.....
.
.
.
.
.
.
.
SHAMPOO
කියලා..........
කොහොම හරි
@ඩයිනමයික්: උඹත් දාපන් බන් සිඳූගෙ මේවගේ කතාවක්. සෙකන්ඩ් වෙන්න එපා උඹ ඔය කෙල්ලොන්ට
ReplyDeleteඅපේ කොහෙද මේ වගේ කතා.... මම බය නෑ!!!! කරන්න පුළුවන් දෙයක්!!!!'
Delete-සිඳු-
සැලෙන්න එපා අක්කේ. අපි කෙල්ලො විදිහට නැගී සිටින්න ඕනි..... (අක්කේ අවුලක් උනොත් මාව බේරගන්ඩ ඈ :O :O :O :O :O)
Deleteකරන්න පුළුවන් දේවල් නං ඉතින් එමටයි.. දැං අපි ඹය කාන්තාවන්ට සම තැන දීල පොඩ්ඩක් තැම්පත් වෙලා හිටියට ඒ දවස් වල සිඳු ලට වචන දහයක් කතා කරන්න ඉඩ තිබ්බෙ අපි නෙවෙයි.. මෙයා වටේ කතාවක් දෙකක් නෙමේ එකුන් තිස්පහකුයි තව විසි එකොලහකටත් වඩා තියෙනවා.. ඒත් ඕං මං මුනිවත රකිනව..
Deleteමොනා උනත් සිඳු කතාවට නං මටත් කන පැලෙන්න හිනා ගියා.. ඔයා ඒක ඇත්ත වගෙම ලියල තියෙනවා... (අතින් දාල තියෙන්නෙ නංගි බෝතලේ බාත්රූම් එකෙන් තිබ්බ කියන ටික විතරයි.. ඒකි දැං කසාද මනුස්සයගෙ ගෙදරනෙ.. ඉතුරු ටික නං පට්ට ඇත්ත!)
- ඩයිනමයික් (DynaMic)
මමත් ඔය ඩයිනමයික් කියන හාදයාව දන්නවා.ඊට වඩා ඒයාගෙ අම්මව.දවසක් ඇන්ටි මට එය කතාව ලාවට වගේ කිවුවා ඒත් මං එවෙලෙ සිරාවටගත්තෙ නෑ.දැන් තමා තේරෙන්නෙ ඒක සිරාවක් බව.හැබැයි මට ආරංචි වුන හැටියට නම් පොර oil කියලා දාල තියෙන්නෙ shampoo නෙවේ,සුවද ගහන Conditioner ලු :D :D
Deleteඅඩේ සිරා කතාව.....
ReplyDeleteඅක්කේ සිරාවටම අර තෙලේ නම සිරා ද?????
කියලා වැඩක් නෑ..... මම හිතුවෙ නෑනේ ඩයිනමයික් අයියා මෙච්චර සුවීට් වැඩ කොරනවා කියලා. අලේ නියමයි අෆ්ෆා..... :D :D :D :D :D
ඹට මතක් වෙනවා අපේ ම.ල්..ලී... අමතක වෙලා කොණ්ඩෙට ෆේෂල් වොෂ් දාපු හැටි.....
එල් ඕ එල් තමා :D :D :D :D :D
මොනා කරන්නද නංගි.. ඉස්සරහ ගහල තිබ්බ හෙයා තෙරපි කියල අලංකාරෙට.. මාත් රැවටුනා.. ඕක තමා පඩිතුමා කිව්වෙ පිටත ඔපේට නොරැවටෙනු කියල!
Delete-ඩයිනමයික් (DynaMic)
මේ ඩයිනමයිට් සහ සිදූගේ බ්ලොග අදනේ දැක්කේ,,,හවුලේ උනත් මඩ ගහ ගන්නවා නම් බලන්න එන්නම්,, මොනා උනත් ඔහොම මූන බලන් මඩ ගහන එක හරිද මන්දා..
ReplyDeleteමම ඔයාට කෝල් එකක් දෙන්නම්. ,මෙයාගෙ ඉස්කෝලෙ කාලෙ කෙරුවාවල් ටිකකුත් අහගන්න ඕනා, තව පෝස්ට් එකක් දාන්න
Deleteහයියෝ!!!! මෙහෙම මඩ ගහන එක පවුනෙ..
ReplyDeletemada neme hithuu... mewa yathaarthaya ;-)
DeleteNiyama kathawa... DynaMic ge campus yaluwo tikak hoya gaththanam thawa hpda katha tikak dana ganna thibuna
ReplyDeleteසිංහල අත් බෙහෙත් ගැන වගේම තවත් විස්තර ගොඩක් දැනගන්න මගේ බ්ලොග් 1ටත් එන්න.
ReplyDeletewww.alllankablog.blogspot.com