Monday, February 13, 2012

කපු‍ටු බෝ රුක


සුවඳ දුම් නැති - සුවඳ මල් නැති
පහන් සිළුවක්  - දැල්විලා නැති

මොටෝ රිය හඬ - දුම් වළා ලඟ
නැගෙන දූවිළි -  වළා අතරින්

දෙනෝ දාහක් - දෙනා යන එන
මාවතක් ලඟ - කලක් තිස්සෙම

නේක වණ් වූ - නේක දන ළඟ
තපෝ දැහැනෙන් - තව මිදී නැත

එකින් එක එක - පෙළ ගැසී එන
නොයෙක් විසිතුරු - විසුළු දස්සන

දෙස බලා තව - නිසංසලවම
හිඳියි බෝ ගස - උපේක්ෂාවෙන්

-සිඳු-

Thursday, February 2, 2012


තත්

හාත්පස ඳුර පැතිරුණු සැන්දෑවක ගිටාරයේ තත් අතරට සම වැදුනෙමි.. 



ඳුර පිරි අහස වෙත නෙතු යුවල      දැල්වුනා

ගලා එන ගී තනූ ව හද පුරා              නැවතුනා

කන්කළුය නන් ස්වර තත් පෙළා       මතුවනා

සුන්දරද ජීවිතය සිත තලා               හඬවනා ?

 - ඩයිනමයික් - DynaMic