Sunday, July 15, 2012

මා මගේ ලෝකයේ


වෙන්වුනත් ආදරෙන්
වෙන්වුනේ කඳුලකින්

ලොවේ දෙතැනක සැදුනු ඉවුරක
ඔබ ඔබේ ලෝකයේ
මා මගේ ලෝකයේ


නැගෙන සඳ‍ දෙස බලා උන්නෙමු
එකම විල්තෙර ආදරෙන්
එහෙත් අද නුඹ නුඹෙ ලොවේ
මමත් මගෙ ලෝකයේ
නුඹේ සඳ සුන්දරයි
මගෙ සඳත් එසේමැයි!

තරු අතර සිත්තම් කලේ අපි
සොඳුරු ජීවිත මාලිගා
වෙන්ව අද නුඹ නුඹෙ ලොවේ
මමත් මගෙ ලෝකයේ
නුඹේ ලොව සුන්දරයි
මගෙ ලොවත් එසේමැයි!

මගේ ලොව සුන්දරයි!



- ඩයිනමයික් (DynaMic)




Photo referred from: http://proclaimahnsahnghong.com/blog/wp-content/uploads/2011/05/silhouette-of-sitting-man-looking-at-the-sunset-and-the-moon.jpg

10 comments:

  1. මාත් මාර ආසයි අර ෆොටෝ එකේ ඉන්න එකා වගේ ඔහේ පාඩුවේ වාඩිවෙලා ඉන්ඩ !!!
    ඩයිනමයික්ගේ සිතුවිලි මාර ලස්සනයි නෙව !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරි සුන්දර අදහස් තියනවා. මාවනෙ ආශ්‍රය කරන්නෙ.

      Delete
    2. බොහෝම ස්තූතියි මධුරංග! මේ කොමෙන්ටුව නං මට ගොඩක් වටිනවා!

      Delete
    3. සිඳූව ආශ්‍රය කලාට ඩයිනගේ සීතුවිලි බලට බලපෑමක් වෙලා නෑ වගේ :)

      Delete
  2. ඩයිනො මම ආස වුණා මේකට. ඒක නෙමේ මට හරී සතු‍ටුයි දැන් මගෙ යාළුවා සතුටෙන්. ඒ සතුටෙ ප්‍රතිඵලත් ඉක්මනින් දකින්න ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒකනෙමේ ඩයිනො මේක ලස්සන ගීතයක් කරන්න පුළුවන්. අපි මේකට මෙලඩි එකක් දාමු ද?

    ReplyDelete
    Replies
    1. මේක ගීතයක් කියල හිතල තමා ලීවෙ.. යාලුවෙක් මෙලඩි එකක් දාන්න ඉල්ලගත්තා.. මේක ගීතයකට ගන්න තරම් ලස්සන නැද්ද කියල හිතෙනවා.. අපි බලමුකො.. ස්තූතියි සින්දූ!

      Delete
    2. Yaluwa Melody eka damamin inne... Api ikamanatama wede Karamu.... Mama hithanne comment kale kawuda kiyala Dynamic dannawa... :D

      Delete
  3. ලස්සනයි ඇත්තටම ...

    ReplyDelete