උසස් පෙළ අමතර පන්ති යන්න ගත්තට පස්සෙ සහෝදර පාසලේ ළමයින්ව අඳුනාගන්න අවස්ථාවක් ලැබුණා. එහෙම කියලා යාළුවො තරමට ළං වුණ මහ ගොඩාක් හිටියෙ නෑ. අතේ ඇඟිලි වලින් ගනන් කරන්න පුළුවන් තරම් යාළුවො ටිකක් හැදුණා සහෝදර පාසලෙන්. ඇත්තමයි ඒ කිහිප දෙනා අපේම සහෝදරයො වගේ වුණා. රණ්ඩු ඇති නොවුණා ම නෙමේ. ඒත් ඒ හැම දේම පොඩි වෙලාවයි.
අමතර පන්ති ඇරිලා අපි හැමෝම ආවෙ බස් එකේ. සිඳු ඇතුළු යාළුවො ටික එනකම් අපේ මේ යාළුවො බස් එකකට නගින්නෙ නෑ. අපි කවදාවත් කියලා නෑ, අපි එනකම් ඉන්න කියලා. ඒ වගේම එයාල කවදාවත් කියලා නෑ අපි ඔයාලා එනකම් ඉන්නම් කියලා. ඒත් හැමදාම කට්ටියම ගියෙ එක බස් එකේ. බස් එකට නැගලා එයාල එයාලගෙ පාඩුවේ, අපි අපේ පාඩුවේ සුපුරුදු කතා. සමහර වෙලාවට අපේ කතා වලට එයාලාත් සම්බන්ධ වෙනවා.... ගොඩාක් වෙලාවට වුණේ අපිව විහිළුවට ගත්තු එක තමයි.ඒත් කිසිම දවසක අපි කිසිම කෙනෙක්ගෙ හිත රිදෙන විදියෙ අනවශ්‍ය විහිලුවක් මේ කවුරුත් කරලා නෑ. ඇත්තෙන්ම සිද්ධ වුණේ බස් වල යන විවිධාකාර මානසිකත්ව තියන අනිත් මිනිස්සුන්ගෙන් අපිව ආරක්ෂා වුණ එක. ඒ ගැන තවමත් මේ යාළුවො ගැන මගෙ හිතේ තියෙන්නෙ ලොකු ගෞරවයක්.
ඉතින් මේ පුංචි සටහන තැබුවෙ එක්කෙනෙක් ගැන කියන්න. ඒ ඩයිනමයික්. මේ බ්ලොග් එකේ අනිත් නිර්මාපකයා. උසස් පෙළ පන්ති යන කාලෙ මට මුණගැහුණු ඒ යාළුවො කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. එක් සාමාජිකයෙක් කිවුවාට විශේෂම කෙනෙක්. ඉස්සර ඉඳන්ම සරල ගතිගුණ තියන , අහිංසක , ඒ වගේම සංවේදී (සමහර වෙලාවට උවමනාවටත් වඩා සංවේදී) යාළුවෙක්. කෙනෙක්ට යාළුවෙක් ඕනම වෙලාවට ලඟ ඉන්න යාළුවෙක්. අපේ විතරක් නෙමේ, අපේ දෙමවුපියන්ගෙත් ආදරයට ගෞරවයට පත් වුණ යාළුවෙක්.
යාළුවො කතා කරනවා නම් ඕනා තරම් වෙලාවක් අහගෙන ඉඳියි. හිනා වෙනවා නම් ඕන තරම් වෙලාවක් එකට හිනා වෙයි. අඬනවා නම් එක වචනෙකින් යාලුවන්ගෙ හිත හදයි.
නංගිට ආදරණීය අයියා කෙනෙක් වුණ, දෙමවුපියන්ට ආදරණීය පුතෙක් වුණ, යාළුවන්ට අසමසම යාළුවෙක් වුණ ඩයිනමයික් ගැන මම මේ වගේ විස්තරයක් කළේ ලොකු දෙයක් කියන්න.
අද ඩයිනමයික් උපන්දිනය සමරනවා.
12 - 06 - 2012
ඉතින්, ඩයිනමයික්,
මේ ලැබූ උපන්දිනය ප්‍රීතිමත් උපන්දිනයක් වේවා !!!
අදින් ඇරඹෙන ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!
(ඩයිනෝ.........මේක දැකලා , තැන්ක් යූ කියලා නම් මදි............ කේක් ඕනා)
ගොඩාක් ස්තූති! මේ තමා මගේ රත්තරන් මිතුරියේ මට ඔයා දුන්න උපරිම තෑග්ග!
ReplyDeleteඅපුරු නම ඩයිනමයික් ...
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා ඩයිනමයික්..:)
බොහොමත්ම ස්තූතියි නිම්ෂා!
Deleteසුබ උපන් දිනයක් වේවා ...!!!!
ReplyDeleteස්තූතියි! සුභ පැතුමට!
Deleteසුබ උපන් දිනයක් වේවා. හැබෑට ඩයිනමයිට් නොවී ඩයිනමයික් උන එකම කොච්චර වාසනාවක්ද ?
ReplyDeleteස්තුතියි! එක අකුරක් කල වෙනසක් නේද? සිඳු නම් ඔන්න ඩයිනමයිට් වගේ තමා!
Deleteඕන් මගෙනුත් සුබ පැතුම් :)
ReplyDeleteස්තූතියි හසිත! සතුටුයි!
Deleteසුබ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteස්තූතියි රනා!
Deleteසයුරේ රල සේ
ReplyDeleteඅහසේ තරු සේ
මිතුදම් පවතී ලොව සැමදා...........
මිතුරු කම ධනයක් කියන එක මට තේරෙනවා!
Deleteඔන්න එහෙනම් ඩයිනමයික්ට සුබ උපන්දිනයක් වේවා කියලා පැතුවා !!!
ReplyDeleteස්තූතියි මධුරංග.. ඒ පැතුම් වටිනව මට!
Deleteහලේ....................... මේ කොල්ලගෙ ඇත්ත නම ඩයිනමයික් නෙමේ
ReplyDeleteනමේ කියන්න දෙයක් තියෙනවද ආයෙ? පොටෝවක් එහෙම දාල තියෙන්න අයිඩින්ටියෙ වගේ!
Deleteඈ බොල ඩයිනො, මම මීට වඩා තෑගි දීලාම නැද්ද? ඔව්මයි නෑ තමයි නේද......
ReplyDeleteහුටා! මම දීලත් නෑනෙ! දෙන්න ඕන හොද වයින් දෙකක්!
Deleteඩයිනා අය්යාට හැපි බර්ත්ඩේ වේවා කියලා පතනවා..!
ReplyDeleteබොහොත් බොහොත් තැන්ක් යූ වේවා වැසි නගා! වැසි වැටෙන්නා වාගේ සතුටුයි!
ReplyDeleteසුභ පැතුම්! සයුරේ රල සේ අහසේ තරු සේ මිතු දම් පවතී ලොව සැමදා.. :)
ReplyDeleteගුඩ් ලක් කොල්ලො
ReplyDeleteWhat an amazing friendship!I too would like to know sindu's Dynamike and I think I might know him as I live close by.
ReplyDelete