ගොඩක් දවසකට
පස්සෙ මටත් හිතුනා කතාවක් ලියන්න කියල.. මේක මේ සිඳුට පිළිතුරු
මඩක් ගහන්න කරන කූට පෝස්ට් ඒකක් නෙවෙයි ඔන්න.. ඉස්කෝලෙ කාලෙ පුංචි මතකයක්..
පොඩි ඉස්කෝලෙ
ඉඳල ලොකු ඉස්කෝලෙට ගිහින් ටික දවසකින් අපි සෞන්දර්ය විෂයයන්
තෝරගන්න මහා කඩඉමට ආවා. චිත්‍ර නැටුම් සංගීතෙ ගැන අපි ගොඩක් දේවල්
දැනං උන්නෙ නෑ. ඒත් නැටුම් කාමරේ බෙර තියනව කියලත්,
සංගීත කාමරේ පියානෝ, බෙර (තබ්ලාවට තමා), ගිටාර් වගේ තව අමුතු අමුතු දේවල් ගොඩක් තියනව කියල දූසමාන ආරංචි ලැබුනා..
චිත්‍ර කාමරේ තියෙන්නෙ මොනවද කියල නං කව්රුත් දැනගෙන හිටියෙ නෑ.
මම නං ඉතින් සංගීතෙට එකෙන්ම තනි කකුලෙන් හිටියෙ.. කොහොමත් සංගීතෙට පුළුවන්නෙ මාව හීලෑ කරන්න…
දවස ආවා.. සෞන්දර්ය පීරියඩ් එකේ අපි කෙලින්ම දුවගෙන
ගියේ සංගීත කාමරේට.. වහපු දොර ලඟට වෙලා වීදුරු අස්සෙන් ඇතුල
බැලුවා.. පියානෝ එකක් කාමරේ ඈත කොනක තිබුනා.. මොන්ටිසෝරියෙදි දැකපු පියානෝ එකට පස්සෙ පියානෝ එකක් මගේ ඇස ගැටුනෙ එදා..
මගේ ඉහේ මලක් පිපුනා.. ලොකුම ලොකු කාමරේ
බිම පැදුරු දාල, සර්පිනාවක් තබ්ලාවක් තාලම්පොටක් බිම තිබුනා…
අපිට ඉවසුමක් නෑ ඇතුලට රිංගනකං..
ඔන්න සර් කෙනෙක් ආවා. දොර ඇරියා.
ගාල කඩාගත්ත හරක් රැල වගේ, පහුගිය දවසක පොලොවෙන්
මැණික් මතුවෙනව කියල පස්වලට පොරකාපු අය වගේ, අපි සර් වත් පෙරලගෙන දුවගෙන ගියා සර්පිනාව
ලඟ වාඩිවෙන්න.. මමත් දුවගෙන ගියා කඟවේනාට වැඩිය පොඩ්ඩක් හෙමීට
දුවන චීට වඩා ගොඩක් හෙමීට.. මං ඉතිං ඕවට එච්චර දක්ෂ නෑ.
මං යනෙකාටසර්පිනාව වටේටම ලමයි වාඩිවෙලා… මං පැත්තකින් වාඩි වුනා. හරි.. දැං සංගීතෙ උගන්වනකන් අපි බලාගෙන ඉන්නවා.. සර්
කිව්වා මෙහෙම..
පුතාලගෙ සංගීත පන්තිය කරන්නෙ මම නෙමේ..
ඔයාලගෙ ටීචර් ටික දවසක් නිවාඩු.. එයා එනකං
මම තමා පන්තිය කරන්නෙ..
කව්රු කලත් මොකද සංගීතෙ උගන්නනවනං
කියල අපිට හිතුනා. (ඒ පණ්ඩිතකං කියන්න ගියෙ නෑ)
සර් බෝඩ් එකේ සිංදුවක් ලිව්වා මෙහෙම..
මෙතන තිබුනු කඹේ කව්රු අරං ගියාදෝ //
අන්න අතන අත්තේ ඔන්චිලි බැඳ ඇත්තේ //
මෙතන තිබුනු කඹේ කව්රු අරං ගියාදෝ (තව තිබුනා)
දෙපාරක් තුන් පාරක් අපිට තාලෙ කියල දීල දිගටම කියන්න කියල
සර් ගියා.. අපි එදා පන්තිය ඉවර වෙනකං ඒක කිව්වා.. ඊලඟ දවසෙ එනකොටත් බෝඩ්එකේ ඒ සිංදුවමයි.. අයිය කෙනෙක්
ඇවිත් ඒක අපිට කියන්න කිව්වා… එදාත් දවසම ඒක.. දැන් අපිට එපා වේගන ඇවිත්. ඊලග දවසෙවත් ඇත්ත ටීචර්
වරේවා කියල හිතාගෙන හෙමීට පන්තියට ආව ගමන් (කවුරුත් දුවගෙන
එන්න උත්සහ කලේ නෑ) බැලුවෙ බෝඩ් එක.. අනේ එදත් ඒ සිංදුවමයි…
සර් පන්තියෙ හිටියා.. අපිට කියන්න කිව්වා..
තව පුරුදු මදි කියල අයිය කෙනක්ට බාරදීල ආයෙත් ගියා.. චිත්‍ර නැටුම් කරන ලමයි අලුතෙන් ඉගනගත්ත ඒව රහ කරකර කියනවා.. අපි කලේ, රට ගෙවෙනකං යටිමඩි ගහන ගමන්, කට ගෙවෙනකං රට හදනව කියල කෑ ගහන දේසපාලකයො
වගෙ ඒ සිංදුවම ආයෙ ආයෙ කියපු එක තමා… රෑට හීනෙන් පේන්න ගත්ත
අඹ අත්තක කඹයක් එල්ලිලා තියෙනව (ඒ දවස් වල අපි පොඩි නිසා ඒ
කඹේ සර්ව එල්ලල ඉන්නව දැක්කෙ නෑ!) අපිට සංගීතෙත් එපා වෙලා
තිබ්බෙ.. පියානෝ එක ගාවටවත් අපිට යන්න බෑ. කිසිම සංගීත නාදයක් නෑ.. මේ සිංදුව දිගටම කිය කිය
ඉන්නවට වඩා චිත්‍ර සර්ගෙ වේවැල් කසාය හොඳයි කියල හිතුනා..
ඔහොම සති දෙකක් විතර ගෙවිල ගියා.. උදේට ඉස්කෝලෙ එනකොට අපි සංගීත කාමරේ ගාවින් යන් නැතුව පන්තියට යන්න වෙන
පාරක් හොයාගත්තා.. සංගීත පන්තියට නොයා චිත්‍ර පන්තියට හරි
නැටුම් පන්තියට යන්න හරි අපි උත්සුක වුනා
(කැන්ටිමෙයි හිස් ලැබ් එකෙයි හැංගිලා
ඕමි ගගහ පීරියඩ් කට් කරන්න අපි පොඩි වැඩියි). දවසක් අපේ පන්තියට අලුත් මිස් කෙනෙක් ආවා.. සංගීතෙ
කරන ලමයි අත උස්සන්න! (අපි අහුවෙයි ඕවට..) අපි අත ඉස්සුවෙ නෑ..
මම තමයි පුතාලට සංගීතෙ උගන්නන්නෙ.. අද අපි සංගීත පන්ති පටන් ගන්නවා.. සංගීතෙට කැමති
අය යන්න සංගීත කාමරේට…
අපි පොත් අරං දිව්ව එක පිම්මට. කොච්චර
උත්සහ කලත් එදත් මට අහු උනේ මුල්ලක්. ටීචර් අපිට සරිගමපදනිස
කියන්න කිව්වා… අපි උඩබිම බැලුවා.. මොන සරිගමපදනිස ද? අපි අර සිංදුව නං දන්නව ඇස් විතරක් නෙමේ කන් නාස ඕන එකක් වහගෙන කියන්න තරම්..
අපි එක එක්කෙනා ඉස්සරහට අරං කියන්න කිව්වා.. මිස් සර්පිනාව ගහනවා.. යාලුවො එක එකා ඉස්සරහට ගියා.
ස… රි…. ග…. ම…. පුතා චිත්‍ර කරන්න ආස නැද්ද? මං කියනවට යන්නකො චිත්‍ර පන්තියට..
ඊලඟ.. .... ....... ම්.... ඔයා හොඳයි.. අර මුල්ලෙ තියන පියානෝ එක ගාවට ගිහින් වාඩි වෙන්න..
ඊලඟ... ස..රි..ග..
පුතාගෙ අංග චලන හොඳයි.. පුතා නැටුම් පන්තියට යන්න.. ඊලඟ…
මේ මගේ වාරෙ.. චිත්‍ර නැටුම් කරන්න මට ආසාවක් තිබ්බෙ නෑ.. කොහොමහරි
තේරෙන්න ඕන කියල මං දන්න දහිරිය ඔක්කොම ටික දාලා පුලුවන් හයියෙන් කිව්වා.
සා..
රී.. ගා.. මා..
පා.. ධා… මොකද ළමයො බයවෙලා වගේ… ඔච්චර
හයියෙන් බෙරිහන් දෙන්න එපා.. මට කං ඇහෙනවා..
හරි අර පියානෝ එක ගාවට යන්නකො….
මම වර්ල්ඩ් කප් එක දිනපු ඉන්දියන් කාරයෙක් වගේ උජාරුවෙන්
සන්තෝසෙන් පියානෝ එක ගාවම ගිහින් වාඩි වෙලා ආදරෙන් ඒ දිලිසෙන පියානෝ පැඩල් අතගෑවා…
------------------------------- || -------------------------------
(කතාවට හින්ද මෙහෙම ලිව්වට ඒ සර් සහ මිස්
මං ගොඩාක් ගරු කරන, ගොඩාක් හොඳ හිතවත් ගුරුවරු.. කොහෙදි දැක්කත් අයුබෝවන් කියල මම ඒ ගුරු මව්ට පියාට ආචාර කරනවා!)
පොටෝ එක මෙතනින් - http://www.picturenation.co.uk/view/info/18566/Primary-school-classroom
එළ එළ ඉතිං පියානෝ ගහන්න ඉගෙන ගත්තද...කව්ද අප්පා පීටියඩ් කට් කරලා ඕමි ගහන්නේ....අපි ඒ කාලේ සෙට් බැළුවේ..
ReplyDeleteපියානෝ ගහන්න පුළුවන්.. ඒත් අහගෙන ඉන්න අයගෙ මුණවල් ඇද වේගන ආවොත් ටාර් ගාල නවත්තනවා.. සෙට් බලන එකත් ආතල් වැඩේ තමා.. ස්තූතියි නැවතිලා ගියාට..
Deleteමේක මරු ඩයිනො.......!!!!!!!!!!!! (අපරාදෙ මම බලන් හිටියෙ මඩක් වදිනකම්)
ReplyDeleteඒත් මෙතන තියනව නොකියපු කොටසක්. මුලින්ම ඩයිනා ගියෙ චිත්‍ර කාමරේට. සර් කිවුවා පාඩම් කරන ළමයෙක් ව අඳින්න කියලා.ඩයිනා ඇන්දා. සර් ඇහුවා ඩයිනා පුතේ මොකද්ද මේ, බුල්ඩෝසරයක් ද? ඩයිනා කිවුවා නෑ කියලා.
ReplyDeleteඒ පාර සර් ආයෙ ඇහුවා එහෙනම් පලතුරු කන ලේනෙක් නේද?
නෑ සර්,මේ පාඩම් කරන ළමයෙක් කියලා
ඊට පස්සෙ තමයි සර් කිවුවෙ,පුතේ සංගීත කාමරේ පැත්තෙ ගිහින් බලන්නකො කියලා
හහ්හා.... ඒක නම් ඇත්තම කතාවක් තමා.ඩයිනගෙ චිත්තර හැකියාව කොච්වරද කියනච නම්,දවසක් ඉස්කෝලෙ නිවාඩුවට home workවලට "කැලේක ඉන්න ගෝනෙක්ගෙ චිත්‍රයක්"අඳින්න කියපු අසල්වාසී පොඩි ඒකෙක් ඒක ලස්සනට ඇඳගන්න ඔනා කියලා ඩයිනා ගාවට ආවා."අනේ අයියා මට කැලේක වතුර ෙබාන ගෝනෙක්ගෙ චිත්‍රයක් ඇඳලා දෙන්න" කියලා කිවුවා.අනේ ඉවරකරල බලද්දි තමා දැක්කෙ ඇඳලා තියෙන්නෙවතුර නාන තාරාවෙක්බව.ඒ කාලෙම තමා ඩයිනා පොසොන් වලට තිස්සගෙයි මුවාගෙයි චිත්‍රයක් ඇඳලා මුවා වෙනුවට තිස්සට අං තිබ්බෙත්.......;P
Deleteහී හී... හතර වටෙන් මඩ වදිනෝ... එළ එළ!
Deleteහිකිස්..
Deleteඩයිනා! ෂහ්.. ඒකත් හොඳ නමක් තමා.. ඔව් සිඳු ගෙ සරිගම අපි හොඳට දැනගත්තා එදා විවාද තරඟෙදි.. ඒ වගේ තමා මගෙ චිත්ර කෙරුවාවත්..
ReplyDeleteසිඳු කිසිම දවසක විවාද තරඟ වලට ගොස් නැත.!!!!! මම හිතන්නෙ මේ කියන්නෙ , චිත්‍ර සහ දැනුම මිනුම ට ගිය සිඳුව තරඟය පටන් ගන්න විනාඩි පහකට කලින් කථික තරඟයටත් ඇතුළත් කළ දවස ගැන වෙන්න ඕනා. එදා මම මාතෘකාව දැක්කෙත් විනිශ්චය මණ්ඩලය ලඟටත් ගියාට පස්සෙ. මාතෘකාව ගැන නැතුව අනිත් හැම දෙයක් ගැනම සිඳු කිවුවා කියලා නම් සිඳු ට හොඳට මතකයි.
Deleteදැන් මේ ඩයිනමයිට් නේ අනික් කෙනා මේ බ්ලොගේ... ඩයිනමයිටුත් අපි දන්න කෙනෙක්ද දන්නේ නෑ නේ
ReplyDeleteදන්නවා ඇති අනිවාර්යයෙන්
Deleteමම නම් දන්නවා. අර ඇල්ෆ්‍රඩ් ගාව කලින් වැඩ කරපු කෙනා නෙහ් ඩයිනමයිට් කියන්නේ?????ඩයිනමයික් කියනනේ එයාගේ මල්ලිවත් වෙන්ට ඇති මයෙ හිතේ.....
Deleteමේ සංගීත කාමරේම වුණ තවත් සිදුවීමක් තියනවා මට අහන්න ලැබුණු. මේ කියන සිදුවීම වුණේ ඩයිනා එහෙ යන්න අවුරුද්දකට විතර කලින්. ඔය වගේම අලුත් ළමයි ටිකක් ආව අලුත මම හිතන්නෙ. ඩයිනා සඳහන් කරලා තියන සංගීත ගුරුතුමිය වයලින් එක අරගෙන පුංචි සංගීත කණ්ඩයක් වයලා ළමයිගෙන් අහුවා ලු මොකද්ද ඒ කියලා... කවුරුත් උත්තර දුන්නෙ නෑ ලු. ටිකකින් කාමරේ කොනකින් සද්දයක් ආවලු "අලුත් පදයක් නේද බොලන්" කියලා... (කට්ටියට මතක නම් ඒ දවස් වල තමයි ශ්‍රී FM ඇඩ් එක ගියෙ අලුත් පදයක් නේද බොලන් කියලා ස්වර්ණවාහිනියෙ) ඊට පස්සෙ ගුරුතුමී ගෙ උත්තරේ මොකක් වුණාද කියලා නම් මට හරියටම මතක නෑ
ReplyDeleteසිඳුත් සංගීතෙ කරල විසාරද කෙනෙක් වෙන්න හිතාගෙන ඉදල තියනවා.. ඒ පුරුද්දට තමා තාම කවි ලියන්නෙ.. සංගීත ටීචර් බයවෙලා අනික් ලමයි ටික අච්චර ලස්සන කලාව දාල යයි කියලා... විසේසයෙන්ම ටීචර්ටත් කලා විකලා වෙයි කියලා! - DynaMic
Deleteඔය ළමයි දන්නෑ චිත්‍ර කාමරේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ.....
ReplyDeleteමමත් ඔය සේරම විෂයන් කොරල, අවුරුද්දක් නැටුම් කොරලා, පොළොව ඇද නිසා චිත්‍ර වලට මාරු උණා. ඒකට මොකෝ චිත්‍ර වලින් එක සහතිකයක් නෑ. නැටුම් වලින් නම් සහතික නෑ. සංගීතෙනුත් නෑ. (ලියපු විදිහට රැවටුනාද දන්නෑ)
එල් ඕ එල් :D :D :D :D :D
ඒ කියන්නෙ එකකින් වත් නැද්ද? සහතික මොකටෙයි හිතේ කලාව තියේ නං! - DynaMic
Deleteසංගීතෙ එපා වෙච්ච අපේ එකෙක් චිත්ර පන්තියට ගියාලු චිත්ර ප්රෙසාදයක් වත් ලබන්න කියල.. මෙන්න බොලේ මේ උන්දැල ලොකු පලතුරු වට්ටියක් (බොහොම පලතුරු ජාති තිබිල තියනවා) පන්තියෙ ගුරු මේසෙ උඩ තියාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවලු.. පොතේ කුරුටු ගානවලු.. මුගෙ කටේ කෙල දෝර ගලාගෙන ගිහින්.. කාටවත් ඒක රස බලන්න ඕන කමක් තිබිල නෑ. පන්තිය ඉවර වෙලා සර් පලතුරු වට්ටියත් අරං යන්න ගිහින්.. පලතුරු වට්ටියක් තමන් ඉස්සරහ තියන් ඒක දිහා නිකං බලං ඉන්න ජාතියෙ මිනිහෙක් වෙන්න බැරි නිසා මෙහා ආයෙ සංගීත පන්තියටම ආවා!
ReplyDelete- ඩයිනමයික් (DynaMic)
ලොකු බයිට් එකක් වගේ නේ.. මම නම් හයේ ඉදන් කළේ චිත්‍ර.දෙය්යන්ගෙ පිහිටෙන් ඕ ලෙවල්වලට සිංහල සාහිත්‍යය කියලා විෂයක් තිබිච්ච හින්දා බේරුණා.අපිට මොන මියුසික්ද..D
ReplyDelete