
පහන් සිළුවක් - දැල්විලා නැති
මොටෝ රිය හඬ - දුම් වළා ලඟ
නැගෙන දූවිළි - වළා අතරින්
දෙනෝ දාහක් - දෙනා යන එන
මාවතක් ලඟ - කලක් තිස්සෙම
නේක වණ් වූ - නේක දන ළඟ
තපෝ දැහැනෙන් - තව මිදී නැත
එකින් එක එක - පෙළ ගැසී එන
නොයෙක් විසිතුරු - විසුළු දස්සන
දෙස බලා තව - නිසංසලවම
හිඳියි බෝ ගස - උපේක්ෂාවෙන්
-සිඳු-