අපි මේ ලෝකෙට ඉපදුනේ අටලෝ දහමත් අතේ ගුලි කරගෙනම.......... දුක , සැප, ලාභ , අලාභ, යස, අයස, නින්දා,ප්රශංසා ආදී සේරම දේවල් අපිට නො අඩුවම ලැබෙනවා දවස ගානෙම. ඒත් මොකද්දෝ අහේතුවකට, අපි වැඩිපුරම හිතන්නෙ අපි අත්විඳින සතුට ගැන නෙමේ, ලැබෙන දුක් කම්කටොලු ගැන විතරයි. ඇයි ඒ? දුකක් දරාගෙන ඊලඟට අපිට හිනා වෙන්න පුළුවන්නම් කොච්චර හොඳ වෙයිද.......?
ගුගුරුවා ඉරිතලා
අසනි වරුසා ගලා
දෙකඩ කරනට තැනුව
කුරිරු හිස් අහස යට....
හුදෙකලාවේ තනිව
වැහි දියෙන් පීඩිතව
කප්පරක් දුක් දරා
සුසුම් ලූ මහ පොළොව.....
වැසි ගෙවී මොහොතකින්
සුදු පාට අහිංසක
පුංචි හතු මල් පොට්ටු
වලට ජීවය දුන්නෙ,
වැසි දියේ නොදම් බව
අසල නොම පෙළුන වග
පසක් කරලනු වස් ද
රුදුරු වූ නුබ ගැබට.........?
-සිඳු-
හ්ම්ම්.. ලස්සනයි!!!!පින්තූරෙට ගැළපෙන්න ලස්සනට ලියලා.. අපූරුයි!!!
ReplyDeleteword verification අයින් කරන්න යාලු. එතකොට comments දාන්න ලේසියි!!!