සිත්තරෙකුට ඹ්න වුනා එහෙම හැඟීමකට පාට දෙන්න..
හැඟීමකට පාට දෙන්න
![]() |
http://changingcourse.com/images/j0387552[1].jpg |
ජීවිතේ පින්තාරු කරනා සිත්තරෙක්
හිස් බවින් පිරී ගිය කැන්වසය - පින්සලක්
දැනෙනසුළු හදවතක්, පණ ගැහෙන හැඟීමක්
විරහවට පාට දෙන සිතුවමක්…
බිඳුන හද රිදුන සිත, අඳුරු බව - කළු පැහැය
ආදරය නිසයි දුක, ප්‍රේමයේ - රතු පැහැය
පිවිතුරුයි එනිසාම දුක වැඩියි - නිල් පැහැය
ඈ ඔහුගෙ ජීවයයි, හුස්ම දුන් - කොළ පැහැය
ගිලෙන මළ හිරු රැසින් දැවෙන ගත - කහ පැහැය
මංමුලා හිස් බවයි, අසරණයි - සුදු පැහැය
චංචලයි මේ හැඟුම් පටලැවී බැඳිලාය
පාට මුහුවී අමුතු නව පාට සැදිලාය
විරහ දුක පින්තාරු කරනා සිත්තරෙක්
හාත්පස අඳුරු වුන නන් වර්ණ චාපයක්
එය ඉන්ද්‍රචාපයක්! ඔහු තුලද ගැටළුවක්!
ජීවිතේ හරි පුදුම සිතුවමක්…
ඩයිනමයික් - DynaMic
කියන්න තියෙන්නේ එක දෙයයි,
ReplyDelete.....නියමයි.....