Sunday, April 22, 2012

සැවෝයි සහ කුඩය


මෙන්න ආයෙත් පුංචි හිනා කතාවක්....( කාට නැතත් මට නම් හිනා යනවා. )


පහුගිය දවසක මම යාලුවො දෙන්නෙක් එක්ක මොර‍ටුව බස් එකකට නැග්ගා කො‍ටුවෙන් බම්බලපිටිය පැත්තෙ පොඩි රවුමක් ගහන්න...... මම තනියම සීට් එකක. යාලුවො දෙන්නා මට පිටිපස්සෙ සීට් එකේ.


(සේරටම කලින් කියන්න ඕනා මේ යාලුවො දෙන්නම එක වගේම ටියුබ් ලයිට් දෙකක්. එක්කෙනෙක් ටිකක් වැඩිපුර ටියුබ් ලයිට්. එයා තමයි ලු පොඩි කාලෙ මීගමුවෙන් හලාවත පැත්තට යන බස් එකක නැගලා "දැන් මීගමුවට ලඟයිද කියලා අහුවෙත් මුළු බස් එකටම ඇහෙන්න. )


ඔන්න ආයෙත් කතාවට........


බස් එකට නැග්ගා කියලා කිවුවා නේද? ඔවු,  බස් එකට නැග්ගා කියලා නම් මටත් හොඳට මතකයි... හෝල්ට් එකක් දෙකක් පහු වුණාත් මතකයි.


 ඊට පස්සෙ රස්ටපොපුලස් එක්ක කරාටේ ගහගෙන ටින් ටින් ව මම බේරාගෙන එනවාත් මතකයි හොඳටම....මොකක්??? ටින් ටින්ව බේර ගත්තා.? මම ටින් ටින් එකේ හිටියා මතක නෑනෙ.


 ආ.... නෑ මේකනේ වෙලා තියෙන්නෙ.මේ දවස්වල දවල්ට තියන සෞම්‍ය  කාලගුණයටද මන්දා මට සීට් එකේ නින්ද ගිහින් , ඒ වලාවෙ දැකපු හීනෙ පොඩි කෑල්ලක් තමයි ඒ. (කොච්චර සෞම්‍යද කියනවා නම් ඉර මගෙ සීට් එකේම වාඩි වෙලා කරටත් අත දාගෙන ඉන්නවා වගේ දැනුනෙ...) 


ටින් ටින් ව බේරාගත්ත සතුටට ස්නෝවි මගෙ ඇඟට පනින්න හදනකොටම මට ඇහැරුණා. ( ස්නෝවි සුදු වුණත් බල්ලෙක්නෙ. එහෙම ඇඟට පනිනවා ඉවසන්න පුළුවන්ද) 


එක පාරටම මේ ලෝකෙට එන්නත් අමාරුයිනෙ, ටිකක් එහාට මෙහාට හැරිලා බලනකොට මගෙ යාලුවො දෙන්න සුපුරුදු විදියට ලොකූ කතාවක.  මම වීදුරුවෙන් එලිය බැලුවා.


ආ....... දැකලා පුරුදු පාලමක් පහු වුණා. පොලිස් මුරපොලකුත් එතන තිබුණා. නිදිමතේ වුණත් මතක් වුණා ඒ වැල්ලවත්ත කියලා. එහෙම වෙන්න බෑනෙ, අපි ගියෙ බම්බලපිටියටනෙ. මම හිතුවා. ඔන්න එතකොටම සැවෝයි එකත් පහු වුණා. මලා!!! මට නින්ද ගිහින් තිබුණ වෙලාවෙ අපි බම්බලපිටිය පහු කරගෙන ඇවිල්ලා. මගෙ යාලුවො දෙන්නට ගානක් වත් නෑ. හිටිය විදියටම ලොකූ කතාවක.

"අන්න සැවෝයි.........." මම කෑගැහුවා ඒ දෙන්නට විතරක් ඇහෙන්න. මගෙ යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් ඒ දිහා බැලුවෙ මම වැල්ලවත්තෙ දි ලිබර්ටි ප්‍රතිමාව පෙන්නුවා වගේ කටත් ඇරගෙන. අනිත් එක්කෙනා මා දිහා බැලුවෙ කවදවත් මුහුද දැකලා නැති කෙනෙක් "අන්න මුහුද" කියලා මුහුද අයිනෙ ජීවත් වෙන කෙනෙක් ට පෙන්නුවා වගේ. 
"ආනේ සැවෝයි එකෙත් කුස පබා තියනවා......" කට ඇරෙගෙන ඒ දිහා බැලුව යාලුවා කිවුවා.


අනේ ඇත්තට මේ මිනිස්සුන්ට මම කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි. 
"මනුස්සයෝ සැවෝයි තියෙන්නෙ වැල්ලවත්තෙ. "
 ඔන්න එතකොට තමයි ඒ දෙන්නට තේරුනේ මම මොනාද එච්චර වෙලා කියන්න හැදුවෙ කියලා. දෙන්නම මටත් කලින් කොන්දොස්තර කොලුවාවත් පේරලාගෙනයි බැස්සෙ. 
ඔන්න ඊලඟට එක්කෙනෙක් නහයෙන් අඬනවා.. 
" අනේ අව්වයි, මාව කලු වෙනවා"
ඊලඟට අනිත් යාලුවාගෙ වාරෙ. "ඉන්න මම කුඩේ ඉහලන්නම්"




එහෙම කිවුවට මොකද, අතේවත් බෑග් එකකවත් කුඩයක් නම් තිබුනෙ නැ. 
"අයියෝ මගෙ කුඩේ බස් එකේ දාලා බැහැලා, ඔයා තමයි මාව කලබල කළේ."
ඉතින් බලන්නකො,ඒකත් මගෙ වරද වෙලා. කුඩ නැති කරගෙන වාර්තාවක් තියලා තියන එක්කෙනා ඒකෙත් වැ‍රැද්ද මට දානවා. 
"ඒක අම්මාගෙ කුඩේ, නැති කරගන්නෙ නෑ කියලා දහ අතේ ඩිවුරුම් දීලා තමයි මම ඒක ඉල්ලන් ආවෙ. ගිය සතියෙ මගෙ කුඩේ නැති වුණානෙ." 
"ඔයා ඉතින් ඉස්සර ඉඳන්ම කුඩයක් වැඩිම වුණොත් පාවිච්චි කරන්නෙ මාසයයිනෙ. " 


ඒ කතාව එහෙම ඉවර වුණත් කුඩ වලින් මගෙ යාලුවා ට තියන අපලෙ නම් ඉවර වුණේ නෑ. එදා නැති කරපු කුඩේ ගැන අම්මගෙන් බැනුම් අහපු මගෙ යාලුවා , ඊලඟ සතියෙ ගත්තු කුඩේ කැම්පස් එකේ දාලා ඇවිත් අම්මාගෙන් ආයෙම බැනුම් අහගෙන තිබුණා. දරුවන්ගෙ අත් වැරදීම් අම්මලා කොච්චර ඉවසුවත්, හැමදාම එකම දේ වෙනකොට කොහොමද අම්මා කෙනෙක් වුණත් ඉවසන්නෙ....;-)


ඒ මොනවා වුණත් අන්තිමේදි ළමයා ටිකක් හැදිලා තියනවා කියලා තේරුණේ මට ගිය සතියෙ. පොඩි ගමනක් යන්න බස් එකට නැගුණ අපි දෙන්නා නියමිත ස්ථානයෙන් එදා වගේ නොවී බැහැගත්තා. අපි දෙන්නා බැස්සාම කොන්ද්ස්තර බෙල් එක ගැහුවා.ඒත් බස් එක අද්දන්න හැදුවා විතරයි මගෙ යාලුවා ඉස්සරහාට පැනලා "හෝව් හෝව්" කියලා කෑගැහුවෙ හරියට හරකෙක් එලවන කරත්ත කාරයෙක් වගේ. (උපමාව හරි නැද්ද මන්දා) 
කොන්දොස්තරත් බස් එක නවත්තාගත්ත. 


"ඇයි මිස්?" කියලා කොන්දොස්තරත්, "මොකද අනේ?" කියලා මම ඇහුවෙත් එක පාරටම.
"මගෙ කුඩේ... ඒක බස් එක ඇතුලෙ" එහෙම කියන ගමන් මගෙ යාළුවා බස් එකට නගින්න හැදුවා.
ඒත් ඒ වෙනකොටත් එයා කුඩයක් ඉහගෙන ඉවරයි බස් එකෙන් බැහැපු ගමන්.... 
"එතකොට මේ මොකද්ද?" 
මම ඇහුවෙ කුඩය පෙන්නන ගමන්. ඒ වෙලාවෙ යාළුවාගෙ මූණෙ ආව පෙනුම දැක්කම නම් එහෙම කිවුව එක ලොකු පවුකාර කමක් කියලා මට හිතුනෙ. කොන්දොස්තර හිනා වෙලා ආයෙමත් බස් එකේ බෙල් එක ගැහුවා................. පවු මගෙ හොඳ යාළුවා. 


(මොනවා වුණත් මගෙ තියන හොඳ කමට ඒක දැනගත්තෙ අපි දෙන්නගෙම ලඟම යාළුවො දෙතුන් දෙනෙක් විතරයි. ලඟම නොවන අයට ඒ ගැන කියලා තිබුණෙ ඒ දෙතුන් දෙනා... මම නෙවෙයි)


-සිඳු-

13 comments:

  1. මේ වගේ දෙයක් මට යි සිදු අක්කට යිත් උනා නේ.....

    මම යි සිදු අක්කයි දවසක් පික්නික් එකක් ගියා. දැන් රෑ බෝවෙලා නිසා ටෙන්ට් එක ගහලා අක්කා නගෝ දොයිය ගත්තා.

    පැය 2, 3ක් ගියාම අමා ට ඇහැරුනා. මෙන්න සිදු අක්කත් ඇහැරලා. නින්ද යන්නේත් නැති එකේ මම සිදු අක්කගෙන් ඇහුවා "උඩ බැලුවම අක්කට මොනවද හිතෙන්නේ පේන්නේ?????" කියලා

    සිදු අක්කා එයාගේ කලාවට නම්‍ය වු සිතින්, හරබර වචන යොදා ගනිමින් ඉතා අලංකාර ‍ලෙස වචන හසුරවමින් අහස් කුසේ අලංකාරත්වය විස්කර කලා.

    "ඉතින් අමා නංගිට මොකද හිතෙන්නේ?" සිදු අක්කා ඇහුවා.

    මට සිදු අක්ක තරම් කලාත්මක සිතක් නැ අලේ. ඉතින් මම කිවුවා "අක්කේ අපේ ටෙන්ට් එක හොරු ගෙනිහිල්ලා" කියලා.....

    ReplyDelete
    Replies
    1. මොනාද නංගි මේ කියන කතා?? ඩයිනා අයියා දැක්කොත් දුක හිතෙයි, අපි එයාව දාලා කෑම්පින් ගියා කියලා

      Delete
    2. එහෙම වෙයිද අක්කේ????? :O :O :O :O :O

      Delete
    3. හික්.. හික්.. නියම කතාව අමා අක්කේ.

      Delete
    4. දුක හිතෙන්නෙ මක්කටෙයි! මාව දාල කෑම්පින් ගියාට හොද වැඩේ.. (ටෙන්ට් එක හොරකම් කරපු එකත් මගෙ යාලුවෙක්)

      Delete
  2. කතාව නම් එල. මටත් හිනා ගියා අක්කේ :D :D :D :D :D

    ReplyDelete
  3. මරු යාළුවෙක්නෙ... පුදුමයි කොන්දොස්තර මොකුත් නොකිව්ව :)

    ReplyDelete
    Replies
    1. මේ යාළුවා ගැන නම් කියන්න තියෙන්නෙ මේ වගේ කතාම තමයි

      Delete
  4. මේක තනිකර මඩ බ්ලොග් එකක් වෙල නේ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. මතක් වෙන්නෙම "මඩ". ඊළඟ පෝස්ට් එකට ඩයිනා මඩ රහිත එක දානකම් ඉඳලා අනිත් මඩ දානවා

      Delete
    2. ඔන්න අද දානව සිරා එකක්... එයිට පස්සෙ සිඳුමඩී ගෙ මඩ පොත්තක්

      Delete
  5. වාසනා කරන්න ඕන මෙහෙම සිහිකල්පනාව තියෙන යාළුවොන්ව ලබාගන්න.අපේ සෙට් එකේ නම් ඔය ජාතියෙ එකෙකුට ඉන්නෙ මං විතරයි.

    ReplyDelete