විරහව යනු අළුත් දෙයක්
නෙවෙයි.. දස සහස් ගණන් කවි ගී ලියවිලා ඇති සියක් බස් වහරින්..
එදා අද තුර තවත් ඉදිරියට, එකක් පසුපස එකක් යනුවෙන් ලියවේවී තවත්...
මේ ලියන මම්ද මේ බලන ඔබද, අප අපේ ලෝකයෙහි අපේ ගමනක් යාවි...
එදා අද තුර තවත් ඉදිරියට, එකක් පසුපස එකක් යනුවෙන් ලියවේවී තවත්...
මේ ලියන මම්ද මේ බලන ඔබද, අප අපේ ලෝකයෙහි අපේ ගමනක් යාවි...
එනමුදු, ලියමි මම්,
ලියැවුන ලියැවෙන සෑම කවියක්ම, පසක් කර දෙන නිසාවෙන්..
මම (බොහෝ විට ඔබත්) සාමාන්‍ය මධ්‍යනයෙන් බොහෝ අපගමනය නොවන වග...
ලියැවුන ලියැවෙන සෑම කවියක්ම, පසක් කර දෙන නිසාවෙන්..
මම (බොහෝ විට ඔබත්) සාමාන්‍ය මධ්‍යනයෙන් බොහෝ අපගමනය නොවන වග...
නිහඬ වූයෙමි මම
‘ආදරය‘ යනු කිමෙක්ද?
මගෙන් විමසුවා මගෙ සිත..
ඹබ මා දන්නා වියත් පිළිතුරු
කියන්නට මුව විවර කෙරුවෙමි...
අහෝ! නොදැනේ නොහැගේ මටනම්..
ගොළු වුනේ ඇයි මගේ හදවත..
කිසිත් පවසා ගනු නොහැකි ලෙස..
අසරණව ඇද වැටුනි හදවත..
... මෙතෙක් කල් මා හොදින් දැන හුන්..
සියළු දේ පැටලී එකින් එක..
අරුත් නොදැනී අඳව ඇති බව
පසක් විය මට පෙඟුන දෙනෙතට..
නිහඬ වූයෙමි මම..
නෙතු බිමට යොමුකර.....
මගෙන් විමසුවා මගෙ සිත..
ඹබ මා දන්නා වියත් පිළිතුරු
කියන්නට මුව විවර කෙරුවෙමි...
අහෝ! නොදැනේ නොහැගේ මටනම්..
ගොළු වුනේ ඇයි මගේ හදවත..
කිසිත් පවසා ගනු නොහැකි ලෙස..
අසරණව ඇද වැටුනි හදවත..
... මෙතෙක් කල් මා හොදින් දැන හුන්..
සියළු දේ පැටලී එකින් එක..
අරුත් නොදැනී අඳව ඇති බව
පසක් විය මට පෙඟුන දෙනෙතට..
නිහඬ වූයෙමි මම..
නෙතු බිමට යොමුකර.....
- ඩයිනමයික් DynaMic
No comments:
Post a Comment